Friday, September 27, 2024

General line - 0115112241

එල්.ටී.ටී.ඊ. සැඟවූ රත්‍රන් සෙවීමට යොදා ගන්නා ස්කෑනර් යන්ත‍්‍රයක් සමග අයෙක් අත්අඩංගුවට

මාධව කුලසූරිය - වවුනියාව




පොළොව යට පවතින ලෝහ සෙවීම සඳහා භාවිතා කරන ස්කෑනර් යන්ත‍්‍රයක් සමග සැකකරුවෙකු වවුනියාව අවුසදපිටින ප‍්‍රදේශයේදී ඊයේ (28) රාත‍්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකටයුතු වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී අදාළ ස්කෑනර් යන්ත‍්‍රය සොයා ගැනීමට හැකිවී තිබෙනවා.

සොයාගත් ස්කෑනර් යන්ත‍්‍රය ජර්මනියේ නිෂ්පාදිත යන්ත‍්‍රයක් වනවා.

අදාළ යන්ත‍්‍රය සමග දඹුල්ල ප‍්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර,සැකකරු හා අත්අඩංගුවට ගත් උපකරණ අද වවුනියාව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද පොලිසිය පැවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඊරට්ටපෙරියකුලම පොලිස් නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.