Friday, September 27, 2024

General line - 0115112241

යතුරු පැදියෙන් පැමිණ වෙඩි තබමින් මාලිගාවත්ත භීතියට පත් කෙරේ - තිදෙනෙකු රෝහලට - (UPDATE)




මරදාන ජයන්ත වීරසේකර මාවතේදී අද (29) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන්  ගුණසේකර පැවසුවේ ත‍්‍රිරෝද රථයකින් ගමන් කළ පිරිසකට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති බවයි. 

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තිදෙනෙකු ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

ඒ අතර, පාතාල සාමාජිකයෙකු බව කියන ලේල්වල ගුරුගේ ධනුෂ්ක අනුරාධ නෙහොත් මහත්තුරු යන අයද සිටින බවයි පොලිසිය පවසන්නේ. 

වනාතමුල්ලේ කුඩු රොෂාන් නැමැති මත්කුඩු ජාවාරම්කරු බොරැල්ල එම්.එච් ක‍්‍රීඩාංගණය අසළදී ඉකුත්දා ඝාතනය කර තිබුණා. 

එහි ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වි ඇත්තේ. 

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා පරීක්ෂණ ක‍්‍රියාත්මකයි. 

යතුරු පැදියෙන් පැමිණ වෙඩි තබමින් මාලිගාවත්ත භීතියට පත් කෙරේ  - දෙදෙනෙකුට තුවාලයි

---------------------------------------- (29-08-2017 / 10:55)

මාලිගාවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර ඇති අතර එමගින් ත්‍රිරෝද රථයක ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා රැදී සිටින්න nethnews.lk සමග.