Friday, September 27, 2024

General line - 0115112241

මෛත‍්‍රීට එරෙහිවූ සනත්ගේ විනය තීන්දුවට බාලගිරි




ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා ලෙස පිළිගැනීමට තමන් තවමත් සූදානම් නැතැයි ඒකාබද්ධ විපක්ෂයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්ත පවසනවා. 

ඔහු පෙන්වා දෙන්නේ පක්ෂයේ සිටින ජනප‍්‍රිය නායකයන්ගෙන් පළි ගැනීමට වත්මන් පාලකයන් කටයුතු කරමින් සිටින බවයි.

සනත් නිශාන්ත මන්ත‍්‍රීවරයා සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ විනය කමිටුව ඉකුත්දා පරීක්ෂණයක් සිදු කළා. 

ඒ, ඔහු සිදු කළ ප‍්‍රකාශයක්  මුල් කරගනිමින්. විනය කමිටුවේ තීරණය ඊයේ (28) දිනයේදී දැනුම් දීමට නියමිතව තිබුණ ද එය කල් දමා ඇති බවයි නෙත් නිවුස් කළ විමසීමකදී සනත් නිශාන්ත මන්ත‍්‍රීවරයා සදහන් කළේ. 

තමන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමේ හේතුව සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී පැහැදිලි කළා. 

ඔහු කියා සිටියේ එතුමාගේ නායකත්වය අපිට පිළිගත නොහැකි බවයි. එතුමාගේ නායකත්වය පිළිගන්න නම් නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන  එක්සත් පක්ෂ විරෝධී දිනක, එතුමා එකතු වුණු දිනක අපි පිළිගන්නවා යනුවෙනි.