Friday, September 27, 2024

General line - 0115112241

පළමු වසරට ළමයා දාන්න අල්ලස් ගත් විදුහල්පතිනියට බරපතළ වැඩ සහිතව වසර 08 ක් සිරදඬුවම්




පළමු වසරට සිසුවෙකු ඇතුළත් කර ගැනීමට අල්ලස් මුදලක්  ලෙස රුපියල් 25,000 ක්  ඉල්ලා සිටීම හා එම මුදල් ලබා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් පැවැත් වූ නඩු විභාගයකින් හිටපු විදුහල්පතිනියක වරදකාරිය වී තිබෙනවා.

2009 වර්ෂයේ දී මෙම සිද්ධිය ඇති වී තිබෙන අතර ඊට අදාළ නඩුව කොළඹ මහාධිකරණයේදී විභාග කෙරුණා.

ඒ අනුව පානදුර මහානාම නවෝද්‍යා පාසලේ හිටපු විදුහල්පතිනියට මෙලෙස කොළඹ මහාධිකරණය අද (29) වසර අටක බරපතළ වැඩ සහිත සිර දඩුවම් නියම කිරීමට නියෝග කළා.

සිරදඬුවමට අමතරව නදීකා පීරිස් නැමැති හිටපු විදුහල්පතිනියට රුපියල් 5000 ක දඩයක් ද ගෙවීමට මහාධිකරන විනිසුරු ගිහාන් කුලතුංග නියෝග කර තිබෙනවා.

අල්ලස් කොමිෂන් සභාව විත්තිකාරියට එරෙහිව මහාධිකරනයේ නඩු පවරා තිබුණා.