Friday, September 27, 2024

General line - 0115112241

රජයේ විසඳුම් නැති නිසා GMOA විධායක කමිටුව කැඳවන්න යයි




සයිටම් ගැටලුවට ඊයේ (28දා) දිනය තුළ රජය ලබාදෙන දෙන විසඳුම ප්‍රකාශයට පත්කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළත්, එම පොරොන්දුව මේ වනවිට කඩවී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට රජයේ අවසන් විසඳුම ප්‍රකාශයට පත්කිරීමට නොහැකි වී තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ උසස් අධ්‍යාපන අමාත්‍ය හා හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය නිසා බවට වාර්තා වන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරනවා.

කෙසේනමුත් රජයේ අවසන් විසඳුම ප්‍රකාශයට පත්කිරීමට හෙට (30) දිනයත් රජයට ලබාදීමට සංගමය තීරණය කළ බවත්, එසේ නොමැති වුවහොත් 31 වන බ්‍රහස්පතින්දා මෙයට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට විධායක කමිටුව කැඳවීමට සංගමය තීරණය කළ බවද පෙන්වා දෙනවා.

(ඊට අදාළ නිවේදනය පහතින් දැක්වෙයි)