Friday, September 27, 2024

General line - 0115112241

හිටපු ඇමති අස්වර් අභාවප්‍රාප්ත වෙයි




හිටපු අමාත්‍ය අල්හාජ් ඒ.එච්.එම්. අස්වර් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පසුගිය කාලයේ ඔහු අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලැබුවා.

1937 පෙබරවාරි මස 08 වැනිදා උපත ලැබූ ඔහු මිය යන විට 80 වැනි වියේ පසුවූණා.

හිටපු අමාත්‍ය අස්වර් අවසන් වරට නියෝජනය කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි.

1950 වසරේ දී ලංකා සමසමාජ පක්ෂයෙන් සිය දේශපාලන ගමන ආරම්භ කළ අස්වර් මහතා පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා වරම් හිමිකර ගෙන ඇත්තේ 1989 වසරේදීයි.