Friday, September 27, 2024

General line - 0115112241

නව දේශීය ආදායම් පනතින් ස්ථීර තැන්පතුවලට වෙන්නේ මේකලු




යෝජිත නව දේශීය ආදායම් පනත මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථීර තැන්පතුවලින් පවා බදු මුදලක් අය කෙරෙන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

එහි ආර්ථික පර්යේෂණ ඒකකය අද (29) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන සඳහන් කළේ ජනතාවට ලැබෙන සහනාධාරවලින් පවා බදු අය කෙරෙන බවයි. 

මීට පෙර පැවති දේශීය ආදායම් පනත මගින් ජනතාවට ලබා දී තිබූ සියලු බදු සහන නව පනත හරහා ඉවත් වී ඇති බව ද බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා. 

ආගමික ස්ථානවලට ලැබෙන පුණ්‍යාධාරවලට පවා නව පනත මගින් බදු අය කර ඇති බවයි මෙහි දී ප‍්‍රකාශ කෙරුණේ.