Friday, September 27, 2024

General line - 0115112241

රට ඉදිරියට යන හැටි අගමැති පෙන්වයි




වත්මන් රජය රට භාර ගන්නා අවස්ථාවේ මෙරට තිබුණේ ණය බර පමණක් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

ණය අර්බුදය හේතුවෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රමුඛ රජය පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වෙතැයි ඇතමුන් සිතූ බවයි අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ පැවති කොළඹ දිස්ත‍්‍රික්කයේ නිවාසලාභීන් එක්දහස් එකසීයකට නිවාස ණය පිරිනැමීමේ විශේෂ වැඩසටහනකට එක්වෙමින්. 

ඉදිරියේදී ණය ගෙවීමට හැකි ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සූදානම් කරමින් ඇති බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නා.