Thursday, September 19, 2024

General line - 0115112241

ඉතිහාසයේ පළමුවරට අත්ලන්තික් සාගරයේ පෙරළියක් කරයි!




හෝසේ සුළි කුණාටුව තවත් පැය 36කින් පමණ ඇමෙරිකාව සහ බහමාස් යන රාජ්‍යවලට ළඟාවනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. සුළි කුණාටුව මේ වනවිට ස්ථානගතව ඇත්තේ බහමාස් රාජ්‍යයට සැතපුම් 510ක් දුරින්.

හෝසේ සුළි කුණාටුවේ වේගය බොහෝවිට පැයට කිලෝමීටර 250කට ආසන්න වනු ඇති බවයි පැවසෙන්නේ. මීට පෙර ඉර්මා සුළිකුණාටුව ද පැයට කිලෝමීටර් 250කට වඩා වැඩි වේගයකින් හමා ගියා.

ඒ අනුව අත්ලන්තික් සාගර කලාපය තුළ පැයට කිලෝමීටර් 250ක වේගයකින් සුළි කුණාටු දෙකක් ඇතිවන පළමු අවස්ථාව මෙය ලෙසටයි සැළකෙන්නේ.