ජනප්‍රිය හොලිවුඩ් රංගන ශිල්පිනියක් හා ගායිකාවක් වන සෙලීනා ගෝමස් වකුගඩුවක් බද්ධ කිරීමේ සැත්කමකට මුහුණ දී තිබෙනවා.
මෙම වකුගඩුව ඇයට ලබාදී ඇත්තේ ඇගේ හොදම මිතුරියයි. 29 හැවිරිදි ෆ්‍රැන්සියා රෙයිසර් නම් වූ ඇය අමෙරිකානු රූපවාහිනි රංගන ශිල්පිනියක්.
සැත්කමෙන් පසු ඔවුන් දෙදෙනාම රෝහල් කාමරයේ ඇඳන් මත වැතිරී සිටින ඡායාරූපයක් සෙලීනා ගෝමස් විසින් මේ වනවිට අන්තර්ජාලයටද එක්කර තිබෙනවා.
සැත්කමින් පසු ඇය පවසා ඇත්තේ තම මිතුරිය සිදුකළ මෙම පරිත්‍යාගය වචනයෙන් විස්තර කළ නොහැක්කක් බවයි.