Sunday, April 28, 2024

General line - 0115112241

කියන දේ අහන්න! නැත්නම් රෝහින්ග්‍යා ඛේදවාචකය දරුණු වෙයි! ගුටරස් කියයි!




රෝහින්ග්‍යා වැසියන් ලක්ෂ ගණනකට බංග්ලාදේශය වෙත පළා යාමට බල කරන හමුදා මෙහෙයුම අවසන් කරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මියන්මාරයේ නිල නොවන නායිකා අවුන් සාන් සුචීගෙන් නැවතත් ඉල්ලා සිටිනවා.

හමුදා මෙහෙයුම මගින් ,වාර්ගික යුද්ධයක්, විය හැකි බවටයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවන්නේ.

"ඇය දැන් පවතින තත්ත්වය මේ මොහොතේ ආපසු හැරවුයේ නැති නම්, මම හිතන්නේ මේ ඛේදවාචකය ඇත්තෙන්ම දරුණු වේවි. අවාසනාවකට අනාගතයේ දී මෙම තත්ත්වය ආපසු හරවන විදිහක් ගැන මට පේන්නේ නැහැ." එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරස් පවසනවා

රෝහින්ග්‍යා කැරලිකරුවන් විසින් පසුගිය මාසයේ පොලිස් මුරපොලවල් වෙත එල්ල කරන ලද ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් හමුදා මෙහෙයුමක් දියත් කර ඇති බව පවසන මියන්මාරය සාමාන්‍ය වැසියන් එහි ඉලක්ක බවට පත්ව ඇතැයි එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරනවා. 

බීබීසී .හාඩ් ටෝක්. වැඩසටහන සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරස් කියා සිටියේ අවුන් සාන් සුචී පසුගියදා ජාතිය අමතමින් කළ කතාව අතරතුර හමුදා මෙහෙයුම්වලට තිත තැබීම සඳහා ඇයට අවස්ථාවක් තිබූ බවය.

"ඇය දැන් පවතින තත්ත්වය මේ මොහොතේ ආපසු හැරවුයේ නැති නම්ල මම හිතන්නේ මේ ඛේදවාචකය ඇත්තෙන්ම දරුණු වේවි. අවාසනාවකට අනාගතයේ දී මෙම තත්ත්වය ආපසු හරවන විදිහක් ගැන මට පේන්නේ නැහැ,

රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන්ට යළි මියන්මාරය බලා පැමිණීමට අවසර ලබා දිය යුතු බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා යළි අවධාරණය කරනවා. මියන්මාරය තුළ හමුදාවට තවමත් වැඩි බලයක් හිමි බව පැහැදිලි බවත් ඔහු පැවසුවා.

හමුදා පාලනය පැවති වකවානුවේ වසර ගණනාවක් නිවාස අඩස්සියේ පසු වූ නොබෙල් සාම ත්‍යාග ලාභී අවුන් සාන් සුචී
නිව්යෝක් නුවර මීළඟ සතියේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහ සභා වාරයට ඇය මෙවර සහභාගී නොවනු ඇත. ඇය පසුගියදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ රඛයින් ප්‍රාන්තයේ පවතින අර්බුදය සාවද්‍ය තොරුතුරු පැතිර යාම මගින් විකෘති භාවයට පත්ව ඇති බවය.

ත්‍රස්තවාදීන්ට වාසි සහගත වන අයුරින් පතුරුවා හරින ව්‍යාජ පුවත් (Facke News) මගින් රටේ ප්‍රජා කණ්ඩායම් අතර ගැටුම්කාරී තත්ත්වයක් අවුළුවාලමින් ඇති බව ඇයගේ කාර්යාලය මගින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වනවා.