Sunday, April 28, 2024

General line - 0115112241

ඛේදවාචකය තවත් භායනක විය හැකි... සුකීට අන්තෝනියෝ අනතුරු අඟවයි




මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන් සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදය වහාම විසඳීමට මැදිහත් වන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අවුන්සාන් සුකීට යළිත් වරක් අවධාරණය කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසන්නේ රෝහින්ග්‍යා වැසියන් ලක‍්ෂ ගණනකට වෙනත් රටවලට පලායාමට බලකෙරෙන හමුදා මෙහෙයුම් වහා නතර කළයුතු බවයි.

අවුන්සාන් සුකි දැන් හෝ ඒ වෙනුවෙන් කටයුතු නොකලහොත් පවතින ඛේදවාචකය තවත් භායනක විය හැකි බව ඔහු පවසනවා.

ගැටලූව විසඳීමට ප්‍රමාණවත් පියවර නොගන්නා බවටද ඇය මේ වනවිටත් චෝදනාවට ලක්වී අවසන්.

හමුදා මෙහෙයුම් මගින් මෙම ජනවාර්ගිකයින් සම්පූර්ණයෙන්ම අතුගා දැමීමක් සිදුවිය හැකි බවටද එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා.

කෙසේ වෙතත් අවුන්සාන් සුකි පවසන්නේ රඛයින් ප්‍රාන්තයේ පවතින අර්බුදය, සාවද්‍ය තොරතුරු පැතිර යාම හේතුවෙන් විකෘතිභාවයට පත්ව ඇති බවයි.

අවුන්සාන් සුකි මියන්මාරයේ නිල නොවන නායිකාව ලෙසටයි සැලකෙන්නේ. ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ රෝහින්ග්‍යා ප්‍රජාවට එරෙහිව වර්ග සංහාරයක් සිදු නොවන බවයි.

රෝහින්ග්‍යා කැරළිකරුවන් විසින් පසුගිය මාසයේ එරට පොලිස් මුරපොල වෙත ප්‍රහාර එල්ල කළ අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඔවුන්ට එරෙහි හමුදා මෙහෙයුම් දැඩි කෙරුණා.