Sunday, April 28, 2024

General line - 0115112241

අත්ලාන්තික් සාගරයෙන් චණ්ඩ මාරුතයන් පෙළක්




කැරිබියානු කලාපයේ ලීවර්ඞ් දිවයින් වෙත අත්ලාන්තික් සාගරයේ හට ගත් සුළි සුළඟ වන මරියා චණ්ඩ මාරුතය වර්ධනය වී ළඟාවෙමින් පවතින බව අමෙරිකානු සුළි සුළං මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

ඉදිරි පැය 48 තුළ එම දිවයින් වෙත මෙම කුණාටුව ළඟා වනු ඇතැයි අපේක්ෂා කරනු ලබනවා.

මරියා සුළි සුළඟ ගමන් ගන්නේ කැරිබියානු කලාපයට ඉමහත් හානියක් සිදුකළ ඉර්මා සුළි සුළඟ ගමන් ගත් පථය ඔස්සේ වීම තවත් විශේෂිතයි.

මීට අමතරව හෝසේ නැමැති තවත් සුළි සුළඟක් මෙන්ම ලී ලෙස නම් කෙරුණු අවපීඩන තත්ත්වයක් අත්ලාන්තික් කලාපයෙන් වාර්තා වනවා.

කෙසේ නමුත්, ඉන් වැඩිම බලපෑමක් අපේක්ෂා කෙරෙන්නේ මරියා මාරුතයෙන්.