Saturday, July 27, 2024

General line - 0115112241

රත්‍රං හා සමාන වටිනාකමකින් යුතු ලෝහ වර්ගයක් රේගු දැලේ (PHOTOS)




රන් හා සමාන වටින ලෝහ වර්ගයක් දිවයිනට රැගෙන පැමිණි පුද්ගලයෙකු කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේදී අද (19) අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, ගුවන් තොටුපළ රේගුව විසින්. හොංකොන් සිට පැමිණි පුද්ගලියෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. 

රන් හා සමාන වටිනාකමක් ඇති ප්ලැඩියම් නැමැති ලෝහ වර්ගය සැකකරු විසින් මෙලෙස රැගෙන විත් තිබෙන්නේ. 

මෙම ලෝහ වර්ගය සැකකරු සිය ගමන් මල්ලේ සූක්ෂමව සඟවාගෙන පැමිණි බවයි ගුවන් තොටුපළ රේගුව පැවසුවේ. 

සැකකරු සන්තකයේ තිබී සොයා ගැණුනු ප්ලේඩියම් (Palladium) ලෝහ ප්‍රමාණය ග්‍රෑම් 618ක්. 

එහි වටිනාකම රුපියල් ලක්ෂ 20ක් පමණ වන බවයි ගුවන් තොටුපළ රේගුව පැවසුවේ.