Saturday, July 27, 2024

General line - 0115112241

වටවලදී සිදුවූ රියඅනතුරකින් සිව්දෙනෙකු රෝහලේ (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




කොළඹ සිට හැටන් දක්වා ධාවනයවූ ත්‍රීරෝද රථයක් වටවල ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා.

ඊයේ (18) රාත්‍රී 7.30ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර මෙහිදී සිව්දෙනෙකු තුවාල ලබා වටවල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ත්‍රීරෝද රථයේ වේගය පාලනය කර ගත නොහැකි වීම අනතුරට හේතුවී ඇති බවයි වටවල පොලිසිය පවසන්නේ.

තුවාල ලැබූවන් වටවල ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසකට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවී තිබෙනවා.