Saturday, July 27, 2024

General line - 0115112241

"රජයේ උත්සහයන් ව්‍යර්ථ වෙනවා" - කැෆේ




පළාත් සභා මැතිවරණ කල් දමා ගැනීම සඳහා රජය ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වන තත්වයක් මේ වන විට පර්ලිමේන්තුව තුළ මතුව ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙනවා.

පක්ෂ නායකයින් පළාත් සභා සංශෝධන පනත සාකච්ඡාවට ගැනීමට විරෝධය පළ කර ඇති බවයි කැෆේ සංවිධානය පෙන්වා දෙන්නේ.

කාන්තා නියෝජනය පිළිබද පළාත් සභා පනත් සංශෝධනයට රජය අද ඉදිරිපත් කළ සංශෝධනය පිටු 31 කි. එම සංශෝධන 20 වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනයට ඉදිරිපත් කළ සංශෝධන හා ඇදහිය නොහැකි සමානකමක් සහිත බවත් පෙන්වා දුන්නා.