Sunday, September 8, 2024

General line - 0115112241

හෙට සහ අනිද්දා වැස්ස




දිවයිනේ නිරිත දිගකොටසට සැප්තැම්බර් 25 සහ 26 දින වලදී වැසි තත්ත්වය වර්ධනය  වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා සහ දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තරමක තදසුළං බලාපොරොත්තුවන අතර අද (24) දිනයේදී මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පොතුවිල් ප්‍රදේශයේත් විටින් විට හමන තරමක් තද සුළං අපේක්ෂා කරන බව සඳහන්.

සබරගමුව සහ මධ්‍යම පළාත් වලත්, කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි අපේක්ෂා කෙරෙනවා.

බදුල්ල, මඩකළපුව,පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියාව පවතිනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වනු ඇත.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.