මෝටරෝලා සමාගම සිය නවතම දුරකථනය නිකුත් කිරීමට සූදානම්ව සිටිනවා. මෙය මෝටරෝලා Moto X4 ලෙස නම් කර තිබෙනවා.
ජලයෙන් මීටර් එකහමාරක් ගැඹුරේ මිනිත්තු 30ක කාලයක් තිබිය හැකි මෙම උපාංගය දුහුවිල්ලෙන් වන හානිද වැළැක්වීමට හැකිවන අයුරින් නිපදවා තිබෙනවා.
මෙහි තිරය (LTPS IPS LCD) අඟල් 5.2ක අගයකින් යුක්තයි. එයට Multi touch පහසුකම සහ Corning Gorilla Glass තිර ආරක්ෂකයක්ද යොදා තිබෙනවා.
මෙය නවතම ඇන්ඩ්‍රොයිඩ් ඔරියෝ (Oreo) සමගින් නොපැමිණෙන අතර ඇන්ඩ්‍රොයිඩ් 7.1 (Nougat) මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වෙනු ඇති.
Octa-core 2.2 GHz ප්‍රොසෙසරයකින් මෙය බලගැන්වෙනු ලබනවා.
ගිගාබයිට් 256ක් දක්වා මතකය (SD Card) ඉහළ දමන්නට හැකියාව ඇති අතර, ගිගාබයිට් 32ක අභ්‍යන්තර මතකයක් හා 3GB රැම් අගයකින් මෙය සමන්විතයි.
මෙහි පසුපස මූලික කැමරා පද්ධතිය 12 MP වනවා. එහි 8 MP ද්විත්ව කැමරා අන්තර්ගතයි.
එසේම geo-tagging, touch focus, face detection, panorama, auto-HDR යන පහසුකම්ද එහි පවතිනවා.
මෙහි ගුණාත්මක 1080p තත්වයෙන් වීඩියෝ පටිගත කිරීමේ හැකියාවද තිබෙනවා.
Super Black හා Sterling Blue යන වර්ණයන්ගෙන් නිකුත් වන අතර Li-Ion 3000 mAh බැටරියකින් බලගන්වෙනු ලැබෙනවා.