Friday, October 18, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයේ බලාපොරොත්තු ඉෂ්ඨ වෙන්නේ නෑ




නව ව්‍යවස්ථාවෙන් කිසිසේත් රට නොබෙදන බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. ඔහු කියා සිටියේ නව ව්‍යවස්ථාවෙන් බුදු දහමට ඇති තැන කිසිසේත් වෙනස් නොවන බවයි.

යහපාලනයට උදව් කිරීම සහා ආගමික නායකයින් එක්විය යුතු බව අමාත්‍ය මනෝ ගනේෂන් අවධාරණය කළා.

යහපාලන ආණ්ඩු තුළ සිටිනා සොරුන් ප්‍රතික්ෂේප කිරීම සහා ආගමික නායකයින් සහාය දිය යුතු බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඔහු මෙම අදහස් පළකළේ මහනුවරදී අද (24) මාධ්‍ය අමතමින්.

ඒකාබද්ධ විපක්ෂය මගින් ව්‍යාජ ප්‍රචාර ගෙන යමින් ඇති බවත් ඔවුන්ගේ බලාපොරොත්තුව උතුරු නැගෙනහිරි ඒකාබද්ධ වනු දැකීම බවයි මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ.

ඔවුන්ගේ බලාපොරොත්තු කිසිවක් සඵල නොවන බව ද අමාත්‍ය මනෝ ගනේෂන් මෙහිදී කියා සිටියා.

ඒකාබද්ධ විපක්ෂයේ බලාපොරොත්තු සඵල නොවු බැවින් ව්‍යාජ ප්‍රචාර  ගෙන යමින් සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.