Sunday, September 8, 2024

General line - 0115112241

හොරෙන් අරන් ගිය රන් තොගයක් මාට්ටු




රන් ග්‍රෑම් 950ක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ගෙන යාමට තැත් කළ පුද්ගලයකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රන් බිස්කට් කිහිපයක් සහ රන් කැබලි 6ක් මෙම පුද්ගලයා ශරීර අභ්‍යන්තරයේ සවාගෙන ඉන්දියාවේ කොයිම්බතූර් බලා පිටත්ව යාමටයි සූදානම්ව සිට ඇත්තේ.

මෙම රන් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 45කට අධික බවයි ගුවන්තොටුපළ රේගුව සහන් කළේ. මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.