Sunday, September 8, 2024

General line - 0115112241

ඉතිහාසයේ  ඉඳලම විශිෂ්ටයින් සහ ශ්‍රේෂ්ටයින් බිහි කළ රටක්




ශ්‍රී ලංකාව ප්‍රමාණයෙන් කුඩා වුවද ලොව කිසිවකු හමුවේ කුඩා නොවන ජාතියක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

විශිෂ්ටයින් සහ ශ්‍රේෂ්ටයින් බිහිකිරීමට ඉතිහාසයේ සිට ශ්‍රී ලංකාව තුළින් ලෝකයට බිහිකර ඇති බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රී ලංකාව ලෝකයේ ශ්‍රේෂ්ඨ රටක් ලෙස ගොඩනැගීමට සහය වන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් තමා ඉල්ලීමක් කළ බව ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

අමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමග පැවැති හමුවකදී ජනාධිපතිවරයා මේ බව කියාසිටියා.