Sunday, September 8, 2024

General line - 0115112241

"නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ කි‍්‍රයාවලියට චෝදනා කරන්න බැහැ"




නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ කි‍්‍රයාවලිය ඉතා විනිවිදභාවයකින් යුක්ත බව නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම උදෙසා මහජන අදහස් ලබාගැනීමට පත්කළ කමිටුවේ සභාපති ලාල් විජේනායක පවසනවා.

ඔහු කියාසිටියේ එබැවින් ඊට කිසිවකුටත් චෝදනා කළ නොහැකි බවයි. 

පවතින ව්‍යවස්ථාවෙන් රටට අහිතකර ප‍්‍රතිඵල රැසක් අත්වූ බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

මෙම අදහස් පළකෙරුණේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහනුවර පැවැති සම්මන්ත‍්‍රණයකට එක්වෙමින්. ඊට පුරවැසි බලය සංවිධානයේ සාමාජික ගාමිණී වියන්ගොඩ ද එක්ව සිටියා. 

කෙසේවෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැල්ලවායේ ඊයේ (24) පැවැති උත්සවයකදී කියාසිටියේ කිසිවකුත් නව ව්‍යවස්ථාවක් ඉල්ලා නොසිටි බවයි. ඉල්ලා සිටියේ විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීම පමණක් බව ද හිටපු ජනාධිපතිවරයා එහිදී ප‍්‍රකාශ කළා.