Sunday, September 8, 2024

General line - 0115112241

විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් රට වෙනුවෙන් සහයට එයි

චමින්ද කරුණාරත්න ජිනිවා සිට..




ශ‍්‍රී ලංකාවට සහය පළ කරමින් සංවිධාන කරන ලද විරෝධතාවක් ස්විස්ටර්ලන්තයේ ජිනීවා නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලය ඉදිරිපිට දී පවත්වා තිබෙනවා.

ඒ, ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදය විසින්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම දිගින් දිගටම ශ‍්‍රී ලංකාවේ රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීමට විරෝධය පළ කිරීම එහි අරමුණයි.

ඊයේ (24) පස්වරුවේ පැවති මෙම විරෝධතාව සඳහා ස්විස්ටර්ලන්තය, ප‍්‍රංශය, ඉතාලිය, ඊශ‍්‍රයලය, එංගලන්තය, කුවෙට් සහ ඕස්ටේ‍්‍රලියාව ඇතුළු රටවල් රැසකින් පැමිණි පිරිස් එක්ව සිටියා. 

පසුව රැස්ව සිටි පිරිස විසින් මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් සෙයිඞ් අල් හුසේන් කුමරු තම බලතල ඉක්මවා කටයුතු කරන බවට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට යැවීමට ලිපියක් ද භාරදෙනු ලැබුවා.