Friday, October 18, 2024

General line - 0115112241

"රවී මන්ත්‍රිකමිනුත් ඉවත් විය යුතුයි" - එජාප ජ්‍යෙෂ්ඨයෙක් ඇඟිල්ල දිගු කරයි




ගම්පහ යොවුන් පෙරමුණේ රැස්වීම අතරතුර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් තමා අතිශය කණගාටුවෙන් පසුවන බව එක්සත් ජාතික පක්ෂ ජාඇල ආසන සංවිධායක, හිටපු අමාත්‍ය ජෝශොප් මයිකල් පෙරේරා පවසනවා.

නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ඔහු මේ බව ප‍්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායකට චෝදනාවක් ද එල්ල කරමින්.

"මේ රැස්වීමට මම ගියේ නැහැ..මට ආරාධනා කරලා තිබ්බෙත් නැහැ. කොහොම වුණත් මම මේ රැස්වීමට යනකොට 12.30 ට විතර ඇති. එතකොට කාවින්ද මන්ත්‍රිතුමා කතා කරනවා. පස්සේ රවී කරුණානායක මන්ත්‍රිතුමා කතා කරලා රැස්වීම අවසන් කරන්න ගියා. මම කිව්වා මට කතා කරන්න ඕනේ කියලා. මම වේදිකාවට නැගලා කතා කරනකොට එයාලා මයික් ඕෆ් කළා. ජා-ඇල ආසනයේ සංවිධායකකම නායකතුමා මට දීලා තියෙන්නේ. මංගාව ලියුමත් තියෙනවා. රවී හැමතැනම ගිහින් මේ වැඩේ කරනවා. මෙයා වරදක් පිළිගත්ත කෙනෙක් හැටියට ඇමතිකමින් විතරක් නෙමෙයි පාර්ලිමේන්තු මන්ත්‍රිකමිනුත් අයින් වෙන්න ඕනේ. මම මේ ගැන නායකතුමාව දැනුවත් කරන්න ගියේ නැහැ. මීඩියාවලින් දැනුවත් වෙනවානේ..රවීත් කියන්න ඇති නේ. මගෙන් තාම ඇහුවේ නැත්තේ එතුමාලාත් විස්තරේ දන්නවා ඇති. එයා මුලින් හිටියේ නායකතුමාව එලවන්න බලාගෙන. මම මැදිහත්වෙලා තමයි මහාසම්මේලනයේදී ප්‍රශ්නය සමතයකට පත් කළේ..ඒ තරහා මාත් එක්ක ඇති." 

ඉකුත්දා පැවති මෙම රැස්වීම සංවිධාන කර තිබුණේ යොවුන් පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන විසින්.

එහි ප‍්‍රධාන ආරාධිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක සහභාගී වී සිටියා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ රවී කරුණානායක මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේ ජනතාවගේ සීමාව ඉක්මවා ගොස් ඇති බැවින් පක්ෂය හරියාකාරව ඉදිරියට ගෙන යාමට කටයුතු කළ යුතු බවයි.