Friday, October 18, 2024

General line - 0115112241

කොළඹ පොත් වසන්තය අවසන්




19 වන වරටත් සංවිධාන කර තිබූ කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය ඊයේ (24) රාත‍්‍රියේ අති සාර්ථකව අවසන් වුණා.

ප‍්‍රදර්ශනය සඳහා ලක්ෂ 12කට අධික ජනතාවක් පැමිණි බවයි පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති එස්. ඩී. පේ‍්‍රමසිරි නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

මෙවරද කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ නිල රේඩියෝව ලෙස කටයුතු කළේ නෙත් එෆ්. එම්. රේඩියෝවයි.

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට පැමිණි පිිරිස් එහි ස්ථාපිත කර තිබූ නෙත් කලාපයට ද පැමිණීමට අමතක කළේ නැහැ. දුෂ්කර පාසල්වල දරුවන් වෙනුවෙන් පුස්තකාල ඉදිකිරීම සඳහා කි‍්‍රයාත්මක දිරියනෙත් සමාජ සත්කාරයටද ඔවුන් එක්වුණේ පොත් ගෙනවිත් දෙමින්.  

ඔබ එලෙස ලබාදුන් පොත් දැනුම උදෙසා කියවීම වෙනුවෙන් දුෂ්කර පාසල්වල දරුවන්ගේ අතට පත් කිරීම සඳහා නෙත් එෆ් එම් රේඩියෝව කටයුතු යොදා තිබෙනවා.