Sunday, September 8, 2024

General line - 0115112241

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පොලිස් අත්අඩංගුවට (UPDATE)




හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මීට සුලු මොහොතකට පෙර පොලිස් විශේෂ විමර්ශණ ඒකකය විසින් අත්ඩංගුවට ගෙන තිබෙනවා. 

ඔහු අද (25) පොලිස් විශේෂ විමර්ශණ ඒකකයට කැඳවා තිබුනේ 2015 ජනවාරි මස 5 වැනිදා කහවත්ත පොලිස් වසමේ දී හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුලු පිරිසක් විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කරන ලද බව කියන සිද්ධියට අදාළ විමර්ශණයේදී යම් යම් කරුණු වසන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. 

මේ අතර විද්‍යා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුට රැකවරණය ලබාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ දැඩි ඇප කොන්දේසි මත පසුගියදා මුදා හැරුනා.
 

--------------------------

ඉකුත් ජනපතිවරණ සමයේ සිදු වූ ඝාතනයක් ගැන සත්‍ය වසන් වෙලා - පොලිසියෙන් යළිත් ප්‍රශ්න කෙරේ

(25-09-2017 09:50)

පසුගිය 2015 ජනාධිපතිවරණ සමයේදී (2015.01.05) හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු පිරිසක් විසින් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ සත්‍ය තොරතුරු වසන් වී ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහව මේ වන විට පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවා තිබෙනවා.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයේදී යම් යම් කරුණු වසන් කිරීමක් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් ප්‍රශ්න කෙරෙන බවයි වාර්තා වෙන්නේ.