Sunday, September 8, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව නිර්මාණය කිරීමේදී පාලකයන් අසමත් වූ තැන




ලෝකයේ ආර්ථිකය ජය ගැනීමට සමත් වන පරිදි ශ‍්‍රී ලංකාව නිර්මාණය කිරීමට මෙතෙක් පැමිණි කිසිදු පාලකයෙකු සමත්වී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියා සිටියේ ලෝකයේ නව ආර්ථික ප‍්‍රවණතා හඳුනාගෙන කටයුතු කළහොත් තවදුරටත් ණය බරින් තොර රාජ්‍යයක් බවට පත්වීමට ශ‍්‍රී ලංකාවට හැකි බවයි. 

අනාගත ලෝකය ජයගත හැකි දක්ෂයින්ට නිවරැදි මාර්ගය විවෘත කර දීම පාලකයින්ගේ වගකීමක් බවද ඔහු කියා සිටියා. 

ටිල්වින් සිල්වා මෙම අදහස් පළ කළේ බදුල්ලේ පැවති රැස්වීමකදීයි.