Sunday, September 8, 2024

General line - 0115112241

තමාගේ ප්‍රමුඛතාව අමෙරිකාවේ ආරක්ෂාවයි - උතුරු කොරියාවට එරෙහිව ට්‍රම්ප්ගෙන් තවත් දැඩි තීරණයක්




උතුරු කොරියාවට යන වැසියන්ට අමෙරිකාවට පැමිණීම තහනම් කර තිබෙනවා.

උතුරු කොරියාවට මෙන්ම චැඩ් ජනරජය හා වෙනිසියුලාව යන රටවල් ද මෙම තහනමට ඇතුළත්.

අමෙරිකාව සම්බන්ධයෙන් වන තොරතුරු වෙනත් රාජ්‍යයන් වෙත ලබාදීමට මෙම රටවල් කටයුතු කර ඇති බවටයි ධවල මන්දිරය චෝදනා කරන්නේ.

ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් පවසන්නේ අමෙරිකාවේ ආරක්ෂාව තමාගේ පළමු ප‍්‍රමුඛතාව බවයි. 

කෙසේ වෙතත් මෙම නව නීතිය වෙනිසියුලාවේ රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වලට අදාළ නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

මෑතකදී සිට උතුරු කොරියාව සමග දැඩි වාග් ප්‍රහාරයන්ට පැටලී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියාව ආසන්නයට බෝම්බ හෙළන ප්‍රහාරක ගුවන් යානා පියාසර කරවීමටද අවසර ලබා දී තිබුණා.