Sunday, September 8, 2024

General line - 0115112241

අසාධාරණ ලෙස ටෙන්ඩර්වලට අනුමැතිය ඉල්ලුවා..කෑම වේලක වියදම පහලොස් ලක්ෂ හත්සිය පනහක්- පොහොර සභාපති ඉල්ලා අස්වෙමින් දුමින්දට යැවූ ලිපිය මෙන්න (EXCLUSIVE)

සුගත් ධර්මප්‍රිය




රජයට අයත් කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති තුසිත හල්ලොළුව මීට සුළු වේලාවකට පෙර සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ,සම්බන්ධයෙන් දීර්ඝව කරුණු දක්වමින් ඔහු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක වෙත අද (25) ලිපියක්ද යවනු ලැබුවා.

එම ලිපිය මගින් ඔහු චෝදනා රැසක් කර තිබෙනවා.

තම  තනතුරේ රාජකාරි නිදහසේ ඉටු කිරීමට හැකියාවක් තමන්ට  හිමි වූයේ නැති බවත්  අසාධාරණ ආකාරයෙන් ටෙන්ඩර් සඳහා අනුමැතිය ඉල්ලමින්, නව ව්‍යාපාර සඳහා සහය ඉල්ලමින් දිගින් දිගටම බලපෑම් එල්ල වීමට පටන් ගත් බවත් එම ලිපියේ සඳහන් වනවා.

රාජකාරි කරමින් සිටින අතරතුර කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ඇති 'ආහාර ප්‍රවර්ධන මණ්ඩලය සංවිධානය කළ ව්‍යාපෘතියක උදෑසන කෑමවේලක වියදම සඳහා රුපියල් පහලොස් ලක්ෂ හත්සිය පනහක මුදලක්, කොළඹ කොමර්ෂල් පොහොර සමාගමෙන් ගෙවන ලෙසට තමන් වෙත ඉල්ලීමක් ඉදිරිපත් වූ බවද පෙන්වා දුන්නා.

තමන් එය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා පෞද්ගලිකවම මැදිහත් වී එම ගෙවීම් කරන ලෙස ඉල්ලීමක් කළ අවස්ථාවේත් තමන් විසින් එය ප්‍රතික්ෂේප කළ බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

දීර්ඝව කරුණු දක්වා ඇති එම ලිපිය පහතින් කියවිය හැකියි.