Friday, October 18, 2024

General line - 0115112241

දුම්රියෙන් තෙල් ප්‍රවාහනයට වැඩි අවධානය




රට පුරා ඉන්ධන බෙදා හැරීමට දුම්රිය වැඩි වශයෙන් යොදා ගැනීමට අපේක්ෂා කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා.

බවුසර් රථවලින් ඉන්ධන බෙදා හැරීමට වඩා දුම්රිය මගින් බෙදා හැරීම වඩාත් ලාභදායි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඉදිරියේ දී ප්‍රාදේශීය ඉන්ධන ගබඩා පුළුල් කිරිමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා කියා සිටියා.

එහි පළමු පියවර යටතේ මහනුවර පේරාදෙනිය ඉන්ධන ගබඩාව පුළුල් කිරිමට පියවර ගැනීමට නියමිතයි.

මහනුවර පේරාදෙනිය ඉන්ධන ගබඩාවේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අමාත්‍ය අර්ජුන රණතුංග, සේවක සේවිකාවන් මුහුණ දෙන ගැටළුද විමසා බැලුවා.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඛනිජ තෙල් සංස්ථාවේ අනවශ්‍ය වියදම් කපා හැරීමට දැනටමත් කටයුතු කර ඇති බවයි.