Sunday, September 8, 2024

General line - 0115112241

විරෝධය අපේක්ෂා කළේ මැතිවරණ කොමිසමෙන්...




පාර්ලිමේන්තුවේදී ඉකුත්දා සම්මත කර ගැණුනු පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයද මාධ්‍ය හමුවක් පවත්වමින් අද (25) අදහස් පළ කළා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ පැවසුවේ මෙම කෙටුම්පත සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ ප්‍රතිචාරය සැක සහිත බවයි.

පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරගත් ආකාරය සම්බන්ධයෙන් විරුද්ධත්වය තමන් අපේක්ෂා කළේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් බවයි මෙහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ.‍

පලාත් පාලන මැතිවරණය කල් යාම සම්බන්ධයෙන්ද මැතිවරණ කොමිසම වගකිව යුතු බවයි උදය ගම්මන්පිළ මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, ඡන්ද කල් දැමීමක් කිසිසේත් සිදු නොවන බව අමාත්‍ය පී හැරිසන් පවසනවා. ඡන්දයට උනන්දු දේශපාලනඥයන් දැන් කළ යුත්තේ ඡන්දයට සූදානම් වීම බවයි ඔහු කියා සිටියේ.