Friday, October 18, 2024

General line - 0115112241

බස් රථ 2ක් ගැටීමෙන් 47 රෝහලට




රත්නපුර - බදුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල ප්‍රදේශයේ  අද (25) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 47 ක් තුවාල ලබා තිබෙනවා.

මාර්ගයේ ධාවනය වෙමින් තිබු බස් රථ 2 ක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි රත්නපුර පොලිසිය පැවසුවේ.

තුවාල ලැබුවන් රත්නපුර මහ රෝහලට ඇතුලත් කර ඇති අතර වැඩිදුර පරික්ෂණ රත්නපුර පොලිසිය ආරම්භ කර තිබෙනවා.