Sunday, September 8, 2024

General line - 0115112241

2018 අයවැය යෝජනාවට මහජන අදහස් ඉල්ලයි




2018 අයවැය යෝජනාව සඳහා මහජනතාවගේ අදහස් සහ යෝජනා මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙස එම අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දී තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ, අර්ථික ක්ෂේත්‍රයේ නිෂ්පාදන, කෘෂි හා සේවා අංශයේ සියලු පාර්ශව සඳහා මෙන්ම විද්වතුන්, වෘත්තිකයින් හා මහජනතාවට අයවැය යෝජනා සහ අදහස් ඉදිරිපත් කළ හැකි බවයි.

ඔක්තෝම්බර් මස 15වැනිදාට පෙර එම යෝජනා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, මහ ලේකම් කාර්යාලය, කොළඹ කොටුව යන ලිපිනයට ඉදිරිපත් කරන ලෙසයි මුදල් අමාත්‍යාංශය ඉල්ලා ඇත්තේ.

මේ අනුව 2018 අයවැය යෝජනා නොවැම්බර් මස 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.

ශක්තිමත් ආර්ථිකයක්, පොහොසත් රටක් හා රැකියා දස ලක්ෂයක් උත්පාදනය කිරිම අරමුණු කර ගනිමින්මෙවර අයවැය  යෝජනාවලීය සම්පාදනය බව බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ.