Sunday, September 8, 2024

General line - 0115112241

රේගුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරියක්




නව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස පී.එස්.එම්.චාර්ල්ස් පත්කර තිබෙනවා. මුදල් අමාත්‍යවරයාගේ ඉල්ලීම අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම සිදුකර ඇති බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාරිනියක වන ඇය වසර 26ක් රාජ්‍ය සේවයේ නියුතු අයෙක් ද වනවා.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ චුලානන්ද පෙරේරා රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා ලෙස පත්කර ඇති බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය කියා සිටියේ.