Sunday, September 8, 2024

General line - 0115112241

ටීඑන්ඒ ප්‍රචාරයට මම විරුද්ධයි! - ඇමැති තිගාම්බරම් කියන දේ 




ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක්‌ විය යුතු බව හා උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළ යුතු බවට හඬ නඟමින් දෙමළ ජාතික සන්ධානය ගෙන යන ප්‍රචාරයට තමා එක හෙළා විරුද්ධත්වය ප්‍රකාශ කරන බව ඇමැති පලනි තිගාම්බරම් මාධ්‍ය වෙත සඳහන් කරනවා.

ඒකීය රාජ්‍යයක්‌ තුළ බලය බෙදීමට තමන් විරුද්ධ නොවන බවත් ඒ සම්බන්ධයෙන් නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළ ඇති අන්තර්ගතයට තමා හිස නමන බවයි සඳහන් කර ඇත්තේ.

විපක්‌ෂ නායක ආර්. සම්බන්ධන් පවසන පරිදි එකම රටක බලය බෙදා හැරීම මේ අවස්‌ථාවේදී ඉතා ඥනාන්විත ක්‍රියාවක්‌ වනු ඇති බවත් ඔහු පවසනවා.

නව ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත දෙමළ ජාතික සන්ධානය විසින් දක්‌වා තිබූ අදහස්‌වලට ප්‍රතිචාර දක්‌වමින් ඇමැති පලනි තිගාම්බරම්  මෙසේ කියා ඇත්තේ.