Sunday, September 8, 2024

General line - 0115112241

අඳුර නොතකා පළාත් පාලන පනත මැති සබයට




තීරණාත්මක පනත් 3ක් අද (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

මෙලෙස ඉදිරිපත් කෙරුණේ, මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ආඥා පනත් සංශෝධනය කිරීම සඳහා වන සංශෝධන පනත් කෙටුම්පත්.

 

, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින්. අදාළ පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යරවයා කියා සිටියේ සංශෝධන සඳහා එය ඉදිරිපත් කරන බවයි.

 

මෙම පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන අවස්ථාවේ සභාවේ විදුලිය විසන්ධි වූ බවයි නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ.

 

කෙසේ වෙතත් විදුලි පහන් නිවී ගියද මයික්‍රෆෝන පද්ධතිය ක්‍රියාත්මක ව තිබුණා.

 

පසුව සභාවේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකි වූ බවයි නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේ.

 

මේ අතර 20 වන ව්‍යවස්ථාව පිළිබදව ද පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇති වුණා.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මෙහිදී කතානායකවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ මීට පෙර අවස්ථාවක සභාවට මෙන්ම පක්ෂය නායක රැස්වීමේ දී ප්‍රකාශ කළ පරිදි 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉල්ලා අස්කර ගන්නේ ද යන්නයි.

 

එහිදි කතානායවරයා කියා සිටියේ එය අද දිනට අදාළ නොවන බවයි.

 

කෙසේ වෙතත් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ එය නියමිත දිනයට සිදුවනු ඇති බවයි.