Sunday, September 8, 2024

General line - 0115112241

නල දරු උපත් රාජ්‍ය අංශයෙන්




ඉතා දියුණු ප්‍රතිකාර ක්‍රමයක් වන නල දරු උපත් රාජ්‍ය අංශයෙන් ලබාදීමේ වැඩපිළිවෙලක් ඉදිරියේ දී සකස් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

එහෙත් ඒ සඳහා වැය වන විශාල ප්‍රාග්ධනය සහ ප්‍රතිපාදන සකස් කර ගැනීම අභියෝගයක් බවයි ඔහු කියා සිටියේ.

අභියෝග ජයගෙන දියුණු රටවල මෙන් මදසරුභාවය සඳහා ප්‍රතිකාර කිරීමට සැලසීම අරමුණ බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.

දැනට නල දරු උපත් සේවා සැපයීම සිදු කරන්නේ පෞද්ගලික අංශයෙන්.

ඒ හේතුවෙන් එම ප්‍රතිකාර රාජ්‍ය අංශයෙන් ලබාදීම තුළින් වැඩි පිරිසකට සෙත සැලසෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.