Sunday, September 8, 2024

General line - 0115112241

රොහින්ග්‍යා සරණාගතයින් වෙනුවෙන් ජගත් ආරක්ෂක මණ්ඩලය රැස්වනවා




මියන්මාරයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ තීරණයක් ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වීමට තීරණය කර තිඛෙනවා.

ඒ අනුව අනිද්දා රැස්වී තීරණයක් ගැනීමටයි ඔවුන් සැලසුම් කර ඇත්තේ.

මේ වනවිට මියන්මාරයේ පවතින ගැටුම් හේතුවෙන් රොහින්ග්‍යා මුස්ලිම් සරණගාතයින් හාරලක්ෂ තිස්දහසක් පමණ බංග්ලාදේශයට පලා ගොස් තිබෙනවා.

රොහින්ග්‍යා සරණාගතයින්ට ප්‍රහාර එල්ල කරන බවට මියන්මාර හමුදාවන්ට අඛණ්ඩව චෝදනා එල්ල වනවා.

කෙසේ වෙතත් මියන්මාර නායිකා අවුන්සාන් සුකී ඉකුත්දා සඳහන් කළේ සිය හමුදාවන්ට එල්ල වන චෝදනා සාක්ෂි සහිතව ඔප්පු කළ යුතු බවයි.