Friday, October 18, 2024

General line - 0115112241

බියර් කොම්පැණිය..සුපිරි වෙළඳ සැල් ජාලය ඇතුළු 'ලංකාවේ ද්‍රවිඩ ව්‍යාපාර ගැන' නම් ගම් එක්ක ජිනීවා අමතමින් ගොඩහේවා කළ කතාව 

චමින්ද කරුණාරත්න ජිනීවා සිට




එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 36 වන සැසිවාරය අමතමින් ගෝලීය ශ්‍රී ලංකා සංසදය වෙනුවෙන් ආචාර්ය නාලක ගොඩහේවා දේශණයක් කරනු ලැබුවා.

ඒ, 'ලංකාව තුළ  දෙමළ  ජනතාවට  අසාධාරණයක් වෙනවාද' යන මාතෘකාව මූලික කර ගෙනයි.

ඝාතනයට ලක්වූ ද්‍රවිඩ ජාතිකයෙකු වන ලක්ෂ්මන් කදීර්ගාමර් මහතා ජීවත්ව සිටියා නම් මේ වනවිට ජනාධිපති පදවියට පත්වීමට ද ඉඩ තිබූ බවයි එහිදී ඔහු සඳහන් කර සිටියේ.


මෙරට ක්‍රියාත්මක ව්‍යාපාර ආයතන කිහිපයක්ම ද්‍රවිඩ ව්‍යාපාරිකයන්ට අයත් බවයි ඔහු පෙන්වා දුන්නේ.


ආචාර්ය නාලක ගොඩහේවාගේ  සම්පූර්ණ දේශණය පහතින් කියවිය හැකියි.

 

'ගරු සභාපතිතුමනි

ලංකාව තුල වසන දෙමල ජනතාවට, බහුජාතිය වන සිංහලයන්ගෙන්  අසාධාරණයන් සිදු වෙනවායැයි  දැනට බොහෝ කලකට පෙර සිට ලෝකය ඉදිරියේ දිගින් දිගටම ප්‍රකාශ වෙමින් පවතින  මතය සම්පූර්ණ  අසත්‍යයක් බව මම මුලින්ම ප්‍රකාශ කරන්නට කැමතියි

ලංකාවේ ජනගහනයෙන් 74.9% සිංහල වන අතර 11.2% ක් දෙමළ ජනතාවයි. මීට අමතරව 4.1% සිටින්නේ ඉන්දීය සම්භවයක් ඇති කඳුකර දෙමල ජනතාවයි. ලංකාවේ සුලු ජාතීන් සිටින්නේ දෙමළ  පමනක් නොවේ. ජනගහනයෙන් 9.3% මුස්ලිම් වන අතර  බර්ගර්, මැලේ  චෙට්ටි , භරත වැනි තවත් කුඩා ජන කොටස් එකතුව 0.6% ක්  පමණ සිටිනවා.

1948 අප නිදහස ලැබූ කාලයේ සිටම දෙමළ ජනතාවට අසාධාරණයක් වෙනවා යන චෝදනාව අසන්නට ලැබෙනවා. නමුත් පුදුමයකට මෙන් රටේ ජීවත්වන අනෙක් සුලුජාතීන්ගෙන් එවැනි චෝදනාවක් එල්ල වන්නේ කලාතුරකිනුයි.එයට සැබෑ හේතුවනම ජන වාර්ගික පදනම මත දෙමළ ජනතාවට විශේෂ අසාධාරණයක් වෙනවාය යන්න දෙමළ දේශපාලනඥයින් විසින් ගොතා කාලයක් තිස්සේ ප්‍රචාරය කරන ලද මුසාවක් පමණක් නිසායි.

ලංකාව තුල දෙමළ ජාතිකයෙකුට ඉහළට යාමට කිසිදු බාධාවක් නැහැ. දෙමළ ජාතිකයින් අපේ රටේ බොහෝ ඉහල තනතුරු දරා තිබෙනවා. අදත් එහෙමයි.

මම මෙයට උදාහරණ කිහිපයක් දෙන්නම්

නිදහසින් පසු රට පාලනය කල සෑම රජයකම පාහේ ප්‍රබල දෙමළ ඇමති වරුන් සිටියා. කලක් අපේ විදේශ ඇමතිව සිටි ලක්ෂ්මන් කදීර්ගාමර් දෙමළ ජාතිකයෙක්. දෙමළ ත්‍රස්ථවාදීන් විසින් 2005 ඔහුව මරාදමන විට ඔහු අගමැති පදවියට පවා සුදුස්සෙකු ලෙසයි සලකනු ලැබුවේ . සමහර විට එදා ඔහු මිය නොගියානම් සමහරවිට ඔහු මේ වන විට රටේ ජනාධිපති වී ඉන්නට පවා ඉඩ තිබුණා.

මෑතදී විශ්‍රාම ගිය අග්‍ර විනිශ්‍යකාර  කේ ශ්‍රීපවන්  දෙමළ ජාතිකයෙක්. 

වර්තමාන  මහබැංකු අධිපති ආචාර්ය  ඉන්ද්‍රජිත් කුමාරස්වාමි දෙමළ ජාතිකයෙක්. එපමනක් නොවෙයි ඔහුට පෙර සිටි අධිපතිවරයා වන අර්ජුන් මහේන්ද්‍රනුත් දෙමළ ජාතිකයෙක්.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජෙෆ්‍රි අලගරත්නම්  දෙමළ ජාතිකයෙක්.

ලංකාවේ ජනතාව බොහෝ ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්  දෙමළ ජාතිකයෙක්.


වර්තමාන නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා දෙමළ ජාතිකයෙක්.

ලංකාවේ චන්ද කොමිසමේ සමාජිකයින් තුන් දෙනාගෙන් එක් අයෙක් වන මහාචාර්ය රත්නජීවන් හූලි දෙමළ ජාතිකයෙක්

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ආර් සම්බන්දන්  දෙමළ ජාතිකයෙක්.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 33 දෙනෙක්ම දෙමළ ජාතිකයින්

අද උතුරු පළාත් සභාවේ මහ ඇමති වන සී වී විග්නේශ්වරන්  හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්.

කොළඹ කොටස් වෙළඳපොලේ හිටපු සභාපතිවරයා වන ක්‍රිෂාන් බාලෙන්ද්‍ර  දෙමළ ජාතිකයෙක්.


ලංකාවේ විශාලතම සුපිරි වෙළඳ සැල් ජාලයක් අයිති  දෙමළ ජාතික පවුලටයි.

ලංකාවේ විශාලතම බියර් නිෂ්පාදන සමාගමක්   අයිති දෙමළ ජාතික පවුලටයි

මා අසන්නට කැමතියි "කෝ ඔය කියන ජාතික පදනම මත දෙමළ ජනතාවට වෙනවායැයි කියන  අසාධාරණය"?
  
අප ඇසිය යුතු ප්‍රශ්ණය වන්නේ මේ බොරු ප්‍රචාරණ වලට සැබෑ හේතුව කුමක්ද කියායි. එය වටහා ගැනීමට අප ඉතිහාසය දෙස හැරී බැලිය යුතුයි.'