Sunday, September 8, 2024

General line - 0115112241

විදේශ කටයුතු අමාත්‍යාංශය විදේශිකයින් හැදූ ගොඩනැගිල්ලක් ඉල්ලයි!




කොළඹ පිහිටි  ඕලන්ද සමයේ ඉදිකරන ලද ගොඩනැගිල්ලක් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා යොදා ගැනීමට අවසර ඉල්ලමින් කැබිනට් මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා. අමාත්‍ය තිලක් මාරපන විසින් ඉදිරිපත් කෙරුණු මෙම යෝජනාවෙන් පෙන්වා දී ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශය දැනට පවත්වාගෙන යන ජනරජ ගොඩනැගිල්ලේ ඉඩ කඩ ප‍්‍රමාණවත් නොවන බවයි.

ඒ සඳහා තවත් වර්ග අඩි 30,000ක පමණ ඉඩ ප‍්‍රමාණයක් අවශ්‍ය බවද එහි සඳහන් වනවා. 

මේ අතර, විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත අලූතෙන් ඇඳා ගැනීමට ඉල්ලූම් කර ඇති ගොඩනැගිල්ල මෑතක් වනතුරු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් භාවිත කළ එකක්. මෙම ගොඩනැගිල්ල විදේශ කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් මධ්‍යම උපදේශක කාර්යාංශය මගින් අලූත්වැඩියා කරගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වි තිබුණා.