Friday, October 18, 2024

General line - 0115112241

විදුහල්පති වැරදි නැහැ! සාරිපොට ඇල්ලූ සිසුවියන්ගේ දෙමාපියන් ආණ්ඩුකාරවරිය හමුවෙයි!




ලොව දිගම ඔසරිපොට සඳහා ගිනස් වාර්තාවක් පිහිටුවීමට පාසල් දැරියන් යොදා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ විදුහලේ විදුහල්පතිවරයාට එරෙහිව පරීක්ෂණ සිදු නොකරන්නැයි එම දැරියන්ගේ මව්පියන් ඉල්ලීමක් කරනවා. මෙම දැරියන් සියලූ දෙනා අලවතුගොඩ සරත් ඒකානායක විදුහලේ ඉගෙනුම ලබන සිසුවියන්.

ඔවුන්ගේ මව්පියන් අද (27) පෙරවරුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයට පැමිණ ආණ්ඩුකාර නිලූකා ඒකනායක හමු වුණා. අදාළ විදුහල්පතිවරයාට එරෙහිව පරීක්ෂණ සිදු නොකරන්නැයි ඔවුන් ඉල්ලා සිටියේ ද එහිදීයි. මෙම විදුහල්පතිවරයා කිසිදු වරදක් සිදු කර නොමැති බවද  මව්පියන් කියා සිටියා. 

කෙසේ වෙතත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක පැවසුවේ දරුවන් අපහසුතාවට පත් නොකරන ලෙස රාජ්‍ය නායකයාට පවා නියම කරමින් චක‍්‍රලේඛ නිකුත් කර ඇති බවයි. තමන් කටයුතු කරන්නේ දරුවන් අපහසුතාවට ලක්වීම පිළිබ`ද අවධානය යොමු කරමින් බවද විද්‍යාලයේ විදුහල්පතිවරයා තමන්ට අදාළ නොවන බවද ආණ්ඩුකාරවරිය ප‍්‍රකාශ කළා. විද්‍යාලයක විදුහල්පතිවරයෙකුට තමන්ට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට අයිතියක් නොමැති බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් අංශ කිහිපයක් යටතේ පරීක්ෂණ සිදු වන බවද ඊට බලපෑම් කිරීමට තමන්ට නොහැකි බවද ආණ්ඩුකාරවරිය මව්පියන්ට කියා සිටියා.