Friday, October 18, 2024

General line - 0115112241

රෝහින්ග්‍යා සරණාගතයින් සිටි තැනට ගොස් කලහ කළ හිමිවරුත් නිහඬව සිටි පොලිසියත් අත්අඩංගුවට ගන්න!




රෝහින්ග්‍යා සරණාගතයන් පිරිසක් සම්බන්ධයෙන් ගල්කිස්සේ ඊයේ (26) ඇතිවූ නොසන්සුන්තාවයේදී කලහකාරීව හැසිරුණු භික්ෂූන් වහන්සේ ද නිහඩව සිටි පොලිස් නිලධාරීන් ද වහාම අත්අඩංගුවට ගතයුතු බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.  අමාත්‍යවරයා ඒ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම් දීම අද පැවැති මාධ්‍ය හමුවකදී මධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින්. 

සම කැබිනට් ප‍්‍රකාශ අමාත්‍ය දයාසිරි ජයසේකරද මෙහිදී අදහස් දැක්වුවා. ඔහු පැවසුවේ රෝහින්ග්‍යා සරණාගතයන්ට ශ‍්‍රි ලංකාවේ පුරවැසිභාවය ලබාදෙන බවට පළවන වාර්තා සත්‍යයෙන් තොර බවයි. 

මේ අතර ගල්කිස්ස ප‍්‍රදේශයේ ඊයේ ඇතිවූ නොසන්සුත්තාව සම්බන්ධයෙන් පොලීසිය අද ගල්කිස්ස මහේස‍්‍රාත් අධිකරණයට කරුණූ වාර්තාකර තිබෙනවා. අදාළ රෝහින්ග්‍යා සරණාගතයන් පිරිස තවදුරටත් බූස්ස කදවුරේ රදවා සිටින බවයි පොලිසීය වැඩිදුරටත් පැවසුවේ.

රෝහින්ග්‍යාවරුන් යනු මියන්මාරයේ එක් ප‍්‍රදේශයක ජීවත්වන මුස්ලිම් ජන කොට්ඨාශයක්. එහි ඇතිවූ නොසන්සුන් තත්වයක් හේතුවෙන් මෙම වැසියන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ වනවිට බංග්ලාදේශයට පළාගොස් සිටිනවා. ඒ අතර සිටි බෝට්ටු මගින් ඔස්ටේ‍්‍රලියාවට යාමට උත්සහ කළ පිරිසකුයි ශ‍්‍රී ලංකා මුහුදු කාලාපයේදී මීට මාස කිහිපයකට පෙර අත්අඩංගුවට ගැණුනේ.

අධිකරණ ක‍්‍රියාවලියෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂාව යටතේ ඔවුන් ගල්කිස්ස ප‍්‍රදේශයේ නිවසක රදවා සිටි අතර ඊයේ නොසන්සුන්තාවක් ඇතිවූයේ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් එම නිවස වටලා අදාළ රෝහින්ග්‍යා සරණාගතයන් පිරිස ශ‍්‍රි ලංකාවෙන් පිටත් කර හරින්නැයි උද්ඝෝෂණයක් නිරතවීම හේතුවෙනුයි. පසුව අදාළ රෝහින්ග්‍යා සරණාගතයන් පිරිස පොලිස් භාරයට ගැණුනු අතර ඔවුන් බුස්ස කදවුරට පිටත් කර හැරුණා.