Friday, October 18, 2024

General line - 0115112241

හෙරොයින් සමග ඇල්ලු පැලියගොඩ පොලිස් සහායක 




හෙරොයින් ළඟ  තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පෑලියගොඩ පොලීසියට අනුයුක්ත පොලිස් ආරක්ෂක සහායකයාගෙන් මේ වනවිට ප්‍රශ්න කරමින් පවතිනවා. 

පොලිස් මූලස්ථානය සඳහන් කළේ ඔහු තවදුරටත් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා වත්තල මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද රැඳවුම් නියෝගයක් ද ලබා ගත්  බවයි. 

හෙරොයින් ග්‍රෑම් 51යි මිලිග්‍රෑම් 200ක් ළඟ තබාගෙන සිටි අදාළ පොලිස් ආරක්ෂක සහායකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ජා ඇල ප්‍රදේශයේදීයී. 

සැකකරු සතුව තිබී පවුම් 40ක රත්‍රං භාණ්ඩ ද සොයා ගැණුනා. 

39 හැවිරිදි වියේ පසුවන විවාහකයෙකු වන සැකකාර පොලිස් සහායකවරයා අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින්.