Saturday, July 27, 2024

General line - 0115112241

රයන් ජයලත් ඇපමත මුදාහරින ලෙස ඉල්ලා ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සම 9 වනදා සලකා බැලේ




වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ඇපමත මුදාහරින ලෙස ඉල්ලා ඔහු විසින් ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සම මේ මස 9 වනදා සලකා බැලීමට කොළඹ මහාධිකරණය අද (02) දින ලබාදුන්නා.

 

මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නීතිපතිවරයාට සහ මරදාන පොලීසියේ ස්ථානාධිපතිවරයාට එදින අධිකරණයේ පෙනී සිටින ලෙසයි මහාධිකරණ විනිසුරු ඒ ඒ ආර් හෙයියන්තුඩුව අද ( 02) යළි නොතීසි නිකුත් කළේ.

 

ඉකුත් ජුලි මස 21 වනදා සයිටම් විරෝධී පා ගමනකින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට හානිකිරීම සම්බන්ධයෙන් වන චෝදනා යටතේ රයන් ජයලත් රක‍ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.