Saturday, July 27, 2024

General line - 0115112241

කෝප් සහ කෝපා කමිටු ශක්තිමත් කිරිමට පියවර




පොදු ව්‍යාපාර පිළිබ කාරක සභාව හෙවත් කෝප් කමිටුවට වැරදි තොරතුරු ඉදිරිපත් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය පාර්ලිමේන්තුවට ඇතැයි නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල පවසනවා.

මහබැංකු බැඳුම්කර සිද්ධිය පිළිබ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට පැමිණි සාක්ෂිකරුවෙකු පවසා තිබුණේ බැඳුම්කර සිද්ධියට අදාළව ඇතැම් පාර්ශව විසින් කෝප් කමිටුවට වැරදි තොරතුරු ලබාදී ඇති බවයි.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ අද (02)  පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් මේ පිළිබ විමසූ අවස්ථාවේදී ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය කථානායකවරයා මේ බව කියා සිටියා.

කෝප් කමිටුව හමුවේ කිසිවෙකු වැරදි තොරතුරක් සාක්ෂියක් වශයෙන් ලබාදී ඇත්නම් එම රාජ්‍ය ආයතනය හා නිලධාරියා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ හැකි බවයි නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල කියා සිටියේ.

මෙහිදී අදහස් දැක්වූ කථානායක කරූ ජයසූරිය කියා සිටියේ කෝප් සහ කෝපා කමිටු තවදුරටත් ශක්තිමත් කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බවයි.