Saturday, July 27, 2024

General line - 0115112241

පොලිසිය GPS තාක්ෂණය ඔස්සේ කාර් රථයේ සැකකරුවන් සොයා යයි




ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 3 ක් සොයාගැනීමේ සිද්ධියට අදාළව GPS තාක්ෂණය ඔස්සේ විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා.

අදාළ මෝටර් රථය පන්නිපිටිය ප්‍රදේශයේ කුලී රථ සපයන ආයතනයකින් ලබාගෙන ඇති බවයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.

එ් අනුව මෙම කාර් රථය කුලී පදනම මත ලබාගෙන ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුයි. 

මෙම මෝටර් රථයේ අංක තහඩු වෙනස් කර ව්‍යාජ අංක තහඩු යොදා තිබූ අතර, එහි ලියාපදිංචි හිමිකරු යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාළ තොරතුරු ඔස්සේ කාර් රථය දමා පළා ගිය සැකකරුවන් සොයා ගම්පහ පොලිසිය පැති කිහිපයක් ඔස්සේ මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.