Sunday, May 19, 2024

General line - 0115112241

පොලිස් නිලධාරියකුට තනිවම රථවාහන වැරදි ඇල්ලිය නොහැකිද? ඔබේ රියදුරු බලපත්‍රය අරන් තාවකාලික බලපත්‍රය දුන්නේ නැද්ද? නීතිමය තත්ත්වය මෙන්න

චම්ලි ඒකනායක




නිල ඇඳුමින් සැරසී සිටින පොලිස් නිලධාරියකු යතුරුපැදිකරුවකුගේ බලපත්‍ර ලබා ගැනීමෙන් අනතුරුව, ඔහු වෙත තාවකාලික රියදුරු බලපත්‍රයක් හා දඩ පත්‍රිකාවක් නිකුත් කිරීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් අදාල පොලිස් නිලධාරියා සහ යතුරුපැදිකරු අතර බහින්බස් වීමක් සිදුවනු අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වුණා. එම පුවත පසුගියදා www.nethnews.lk හි පල කෙරුණා.

සර් ලයිසන් ගත්තනම් දඩ කොලය දෙන්න! මට බෑ මෙතන රස්තියාදු වෙන්න!

මේ ආකාරයට පොලිස් නිලධාරියකුට දඩ පත්‍රිකාවක් හා තාවකාලික රියදුරුබලපත්‍රයක් නොදී සිටිය හැකිදැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන් www.nethnews.lk විමසා සිටියා.

එහිදී ඔහු පැවසුවේ රියදුරු බලපත්‍රය ලබාගන්නේ නම්, අදාල පොලිස් නිලධාරියා විසින් ඒ අවස්ථාවේදීම අදාල රියැදුරාට  තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කළ යුතු බවය. නමුත් දඩ පත්‍රිකාව පොලිස් සථානයට ගොස් ලබාගන්නා ලෙස දැනුම්දිය හැකි බවද, ඇතැම් වැරදි සඳහා කිසිසේත් දඩ පත්‍රිකා ලබා දිය නොහැකි බවද ඔහු මෙහිදී පැවසුවා.

මෙහිදී අදාල පොලිස් නිලධාරියා තනිවම සිටිනා බැවින් ඔහුට අදාල රාජකාරිය කිරීමට නොහැකි බවද යතුරුපැදිකරු පවසනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, එවැනි ගැටළුවක් නොමැති බවය. 

"පොලිස් නිලධාරියා නිල ඇඳුමින් සැරසී සිටිවානම්, ඔහු තනි පුද්ගලයකුද නැද්ද කියන එක කිසිදු රාජකාරියකට බාධාවක් වෙන්නේ නැහැ. රථ වාහන වරදක් හෝ වෙනත් ඕනෑම වරදක් දකින අවස්ථාවක එවැනි නිලධාරියකුට රාජකාරිමය මැදිහත්වීම කළ හැකියි."