Saturday, April 27, 2024

General line - 0115112241

නොබෙල් ත්‍යාග උළලේදී උතුරු කොරියාවට විවේචන එල්ල වෙයි 




මෙවර නොබෙල් සාම ත්‍යාගය නෂ්ටික අවි විරෝධී ජාත්‍යන්තර සංවිධානයක් වන Ican වෙත පිරිනමා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සමාගම වෙත නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමට හේතු වී තිබෙන්නේ නෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් සන්ධානගත වීම සඳහා මෙම සංවිධානයේ සුවිශේෂී කැපවීම බව නොබෙල් සාම ත්‍යාග කමිටුවේ සභාපති බෙරිට් රීස් ඇන්ඩර්සන් පවසන්නේ.

මෙවර නොබෙල් සාම ත්‍යාගය දැනුම් දෙමින් නොර්වේ ඔස්ලෝ නුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඇය මෙම ගැන අදහස් දක්වා තිබෙනවා.

මෙහිදී ඇය විසින් උතුරු කොරියාව විවේචනයට ලක් කර තිබෙනවා.

ඇය පවසන්නේ නෂ්ටික අවි පවතින රටවල් එම අවි ඉවත්කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට කාලය එළබ ඇති බවයි.