Saturday, July 27, 2024

General line - 0115112241

හමුදාව නිසා දුම්රිය වෘත්තීය සමිති කලබල වෙයි




දුම්රිය දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා යුද හමුදාව යොදා ගැනීමට බලධාරීන් පියවර ගනිමින් සිටින බව දුම්රිය වෘත්තිය සමිති සංගමය පවසනවා.

එහි සම කැඳවුම්කරු එස්. පි. විතානගේ කියා සිටියේ දුම්රිය වෘත්තිය සමිති මර්දනය කිරිම එහි අරමුණ වී ඇති බවයි. 

එහිදී ඔහු සඳහන් කළේ දුම්රිය පරිපාලනයට හමුදාව මැදිහත් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති මර්දනය කිරීමට ආණ්ඩුව පියවර ගන්නේ නම් දුම්රියක් තිබෙන ස්ථානයෙන් සෙලවීමට පවා නොහැකි ආකාරයේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ඉදිරියේදී ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.