Saturday, July 27, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයේ සංඛ්‍යාව ඉදිරියේදී ඉහළ යන හැටි හෙළිකරයි

හර්ෂිකා සංජීවනී




ආණ්ඩුවේ ක‍්‍රියාවලියට විරෝධය පළ කරන තවත් පිරිසක් ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂය හා එක් වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා පවසනවා.

මන්ත‍්‍රීවරයා කියා සිටියේ එක් පාර්ලිමේන්තු සතියකදී එක් නියෝජිතයෙකු බැගින් ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂයට එක් වන බවයි. 

තැපැල් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඩුලිප් විජේසේකර ඊයේ (30) පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂයේ අසුන් ගැනීමත් සමග මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරන එම  කණ්ඩායමේ මන්ත‍්‍රිවරුන්ගේ සංඛ්‍යාව 55ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.